වීදි සරනා මවක දුටුවෙමි....
වීදි සරනා මවක දුටු වෙමි
දැස කදුලින් තෙමී අද වුනු
ඇගේ ළමැදෙහි ගුලිව නිහඩව
නොමළ බිලිදෙකි සෙමෙන් මිය යන
කිසා ගෝතමියක ලෙසින් ඇය
ලොවට අත පා අයැද සිටියේ
මියැදි බිළිඳුට නැවත පණ නොව
මියෙන පොඩි පුතු රකින මගකිය
මංසලෙන් සල නැගු තොරණින්
මහරු සමබුදු සිරිත දිස් විය
උවසු උවැසිය ගැයු බැතී ගී
අරම පිස වාගැබට එක් විය
නැගෙන සැණකෙළි හඩින් සිව් දෙස
පිරි අබිසෙස් ලැබී සොම්නස
විදුලි එලියෙන් පුරය එකලුව
අසිරිමත් සුර ලොවක් බිහි විය
රැයෙහි මැදියම ගෙවන මොහතකි
දනන් කෙළි ලොල් හඩ නිමා විය
මවක් ඉකිබිද වැලපෙන හඩ
පාළු වීදිය වසා මතු විය
- දයාසේන ගුණසිංහ -

Comments
Post a Comment